Admin 24 October, 2022

Forklift License Test

지게차 운전 기능사 හෙවත් NATIONAL TECHNICAL QUALIFICATION CERTIFICATE IN FORKLIFT  
  • අප ආයතනය විසින් 지게차 운전 기능사 විභායේ ලිඛිත පරීක්ෂණය (필기 시험) සඳහා පාඨමාලා පවත්වනු ලබයි
  • සියලුම දේශන Online තාක්ෂණයෙන් ZOOM හරහා සිදු කරනු ලබයි
  ඔබ අප සමග සම්බන්ධ විය යුත්තේ ඇයි
  • සියලුම පාඩම් සඳහා සිංහල සටහන් ලබාදීම
  • සෑම පාඩමකටම අදාළ කොරියන් වචන සිංහල තේරුම සමග නිබන්ධනයකින් ලබාදීම
  • තාක්ෂණික හා මනෝවිද්‍යාත්මක ක්‍රම බාවිතා කරමින් පන්ති තුලදීම විශය කරුණු කට පාඩම් කරවීම
  • විභාගය සමත් වීම සඳහා අවශ්‍යම දැනුම පමනක් ලබාදීම
  • ඕනම වෙලාවක පසුගිය පාඩම් වල දෙශන වීඩියෝ මගින් නැරඹීමේ හැකියාව
  • ඔබට පන්තියට සහභාගි වීමට නොහැකි වුවහොත් අදාළ දේශනය ඊට පසු දින වීඩියෝ මගින් බලා ස්වයං අධ්‍යයනය කිරීමේ හැකියාව
  • ඕනම පාඨමාලාවකට පළමු දින දෙක නොමිලේ සහභාගි වියහැකි අතර ගුරුවරයාගේ ඉගැන්වීමේ ක්‍රමවේදය ඔබට ගැලපෙන්නේ නම් පමනක් අදාළ පාඨමාලා ගාස්තුව ගෙවා පන්තියට සහභාගී වීමේ හැකියාව
  • සෑම සතියකම ඊට කලින් සතියේ කරන ලද පාඩමට අදාළ Model Questions කිරීම මගින් සති පතා සියලුම පාඩම් වල මතකයන් අවදි කරවීම
  • පාඨමාලාව හදාරන සියලුම ශිෂ්‍යයන්ගේ ප්‍රතිඵලය පිළිබඳව සහතික වීම
  • විභාගයට අයදුම් කිරීම සඳහා Q-NET hi ACCOUNT එකක් සාදා දීම හා විභාගයට නොමිලේ අයදුම් කර දීම
  විභාග ස්වරූපය
  • මෙය බහුවරණ ප්‍රශ්න 60 කින් සමන්විත ලිඛිත පරීක්ෂණයකින් හා ප්‍රායෝගික පරීක්ෂණයකින් සමන්විත වේ
  • ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වන අයදුම් කරුවන්ට,
    1. වීසා මාරු කිරීමේදී විශේෂ ලකුණු ප්‍රමාණයක් හිමිවන අතර E7-4 වීසා එකට මාරුවීමේදී ලකුණු 10 ක් ගත හැක
    2. ජාතිකව හා ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක් හා රියදුරු බලපත්‍රයක් හිමිවේ
  ලිඛිත පරීක්ෂණය - 필기 시험
  1. අයදුම් කරුට ලැබෙන මුලු ප්‍රශ්න සංඛ්‍යාව - ප්‍රශ්න 60
  2. ප්‍රශ්න පත්‍රය සඳහා ලැබෙන කාලය - විනාඩි 60
  3. සමත් වීම සඳහා නිවැරදිව ලකුණු කළ යුතු ප්‍රශ්න සංඛ්‍යාව - ප්‍රශ්න 36
  4. විභාග ගාස්තුව - 14500 WON
  • සෑම පලාතකම විභාග මධ්‍යස්ථාන ඇති අතර ඔබට පහසු මධ්‍යස්ථානයකට අයදුම් කල හැක
  • මෙය පරිගණක ආස්‍රයෙන් පැවැත්වෙන විභාගයක් (CBT EXAM) වන අතර සෑම මසකම දෙවරක් විභාගය පැවැත්වේ. ඔබට විභාගයට මුහුණ දීමට හැකි වාර ගනනේ සීමාවක් නොමැත
  • මෙම ලිඛිත පරීක්ෂණයේ ලකුණු ඔබට එවෙලෙහිම ලැබේ
  • ප්‍රශ්න 60 න් අවම ප්‍රශ්න 36 ක් හරි ගියහොත් ඔබ විභාගයෙන් සමත් වන අතර ඔබට ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අයදුම් කිරීමට හැකිය
  • ලිඛිත විභාගය සමත් වී වසරක් ඇතුලත ප්‍රායෝගික පරීක්ශනයට අයදුම් කර සමත් විය යුතුය. යම් හෙයකින් ඔබ ලිඛිත විභාගය සමත් වී ප්‍රායෝගික පරීක්ෂණය වසරක් ඇතුළත සමත් වීමට නොහැකි වුවහොත් ඔබගේ ලිඛිත විභාගය ලකුණු අවලංගු වේ
  ප්‍රායෝගික පරීක්ෂණය - 실기 시험
  1. ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ලැබෙන කාලය - මිනිත්තු 4
  2. විභාග ගාස්තු - 25000 WON
  • ප්‍රායෝගික පරීක්ෂණය ඔබ වරක් අසමත් වුවහොත් නැවත ලිඛිත විභාගයට මුහුණ දීමට අවශ්‍ය නොවේ. කිහිපවාරයක් උත්සහ කර වසරක් ඇතුලත ප්‍රායෝගික පරීක්ෂණය පමණක් සමත් විය යුතුය

Related Courses

දකුණු කොරියාවේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිර්මාණය කල ප්‍රථම සහ එකම වීඩියෝ පාඨමාලා වෙබ් අඩවිය.

EPS-TOPIK

Admin 27 December, 2019

desc

Add to Cart
₩ 15000.00

KIIP Level Test

Admin 27 December, 2019

KIIP short description

Add to Cart
₩ 300000.00

KIIP LEVEL 3

Admin 27 December, 2019

KIIP LEVEL 3 short description

Add to Cart
₩ 150000.00